මැයි දිනය – දැන් අයිති කාට ද ?
කොළඹ, ගාලූ මුවදොර පිටිය මේ රටේ විශාලම, විවෘත පිට්ටනියයි. එය දැන් නිදහස් දින සැමරුම හැරුණ විට වෙනත් කිසිවකට යොදා ගන්නේ නම්, ඒ මහා සංගීත සැඳෑවක් සඳහා පමණි. මගේ මතකය නිවැරදි නම්, මීට අවුරුදු 21 ට පෙර ජනාධිපති පේ‍්‍රමදාස ගාලූ මුවදොර පිටියේ පැවැත්වීමට සූදානම් කළ 1993 මැයි දිනය, ගාලූ මුවදොර පිටියේ අවසන් මැයි දින රැුළිය විය. ඉන්පසු, ගාලූ මුවදොර පිටියේ මැයි දින රැුළියක් පැවැත්වීම ගැන කිසිවකු සිතන්නේ වත් නැත. එසේ වන්නේ එම මැයි දිනය එල්.ටී.ටී.ඊය විසින් ජනාධිපති පේ‍්‍රමදාස ඝාතනය කෙරුනු අවාසනාවන්ත මැයි දිනයක් වූ නිසාම නොවේ. රාජ්‍ය බලය සහ වියදම් ඇතිව, ආණ්ඩු පක්ෂයේ සියලූ බර දමා සෙන`ග ගෙන්වා ගැනීමෙන් මිස, ගාලූ මුවදොර පිටියේ තම ස්වාධීන හයියෙන් මැයි දිනයක් පැවැත් වීමට හැකි කිසිදු පක්ෂයක් වෘත්තීය සමිති එකතුවක් අද නැති හෙයිනි.
විපක්ෂයේ සිටියදී තම වෘත්තීය සමිති සාමාජිකයින්ගේ සහ පක්ෂ සංවිධාන සතු හයිය මත ගාලූ මුවදොර පිටියේ දැවැන්ත මැයි දිනයක් අවසන් වශයෙන් පැවැත් වූයේ වාමාංශික එක්සත් පෙරමුණ ය. සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂත් පිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණත් එක් කර හැ¥ වාමාංශික එක්සත් පෙරමුණට පාදක වූ ‘‘ඉල්ලීම් 21 ව්‍යාපාරය’’ 1963 මැයි දිනයේ යෝධ එකමුතු බලය විය. ඉන් පසු රැුස්වීම් සඳහා ගාලූ මුවදොර පිටිය යොදා ගනු ලැබූයේ ආණ්ඩු හයියෙන් පමණි.
තම වෘත්තීය සමිති හා දේශපාලන හයිය මත ගාලූ මුවදොර පිටියේ රැුස්වීම් පැවැත්වූ එකම පක්ෂය ලංකා සමසමාජ පක්ෂය පමණි. බ්‍රේස්ගර්ඞ්ල් වෙනුවෙන් සමසමාජ පක්ෂය ගාලූ මුවදොර පිටියේ රැුස්වීම සංවිධානය කරන විට මේ රටේ මුලූ ජනගහනය, වූයේ මිලියන 5.5 කි. එකල නාගරික කම්කරු පංතිය වූයේ කොළඹ වරාය, වැල්ලවත්ත රෙදි මෝල, කොලොන්නාව රජයේ කර්මාන්ත ශාලාව, රජයේ අච්චු කන්තෝරුව (දැන් මුද්‍රණාලය), රජයේ වැඩ දෙපාර්තමේන්තුව, රජයේ ගබඩා අංශය, ට‍්‍රෑම්කාර් සේවය වැනි ආයතනවල ශ‍්‍රමිකයින් සංඛ්‍යාවක් සහ කොළඹ ලොන්ඩරි සේවකයින්, මුද්‍රණ කම්කරුවන්, පෞද්ගලික සමාගම් සේවකයින් හා රියැදුරන්, හෝටල් සේවකයින් වැනි කොන්ත‍්‍රාත් සේවක පිරිසකි. කොළඹ නගරයේ කම්කරුවන් යැයි එකතු කළ හැකි සියල්ල ගත් විට එය ලක්ෂයක් නොවින. ලාංකීය කම්කරු පංතියේ ඉතිරිය හා සාපේක්ෂව වැඩි සංඛ්‍යාවක් වූයේ වැවිලිකරයේ ය. එබැවින් 1930 ගණන් වල කොළඹ විසූ ජනගහනය හා සමස්ථ නාගරික කම්කරු පංතියේ සංඛ්‍යාත්මක ශක්තිය ගැන සිතිය හැක්කේ, අද කොළඹ නගර සීමාව තුල ඉන්නා 3,18,000 ක ජනගහනයෙන් දෙකෙන් පංගුවකට අඩුවෙන් මිස වැඩියෙන් නොවේ. Continue reading …