Peace for the World

Peace for the World
First democratic leader of Justice the Godfather of the Sri Lankan Tamil Struggle: Honourable Samuel James Veluppillai Chelvanayakam

Monday, September 2, 2013

බීබීසී මාධ්‍යවේදියා ත්‍රස්ත විමර්ශන ඒකකයට

 BBCSinhala.com2013 සැප්තැම්බර් 2
බීබීසී තමිල්ඕසේ වවුනියා වාර්තාකරු පී මානික්කවාසගම් කොළඹ ත්‍රස්ත විමර්ෂණ ඒකකයට කැඳවා අද උදැසන ප්‍රශ්න කොට තිබේ.
ඔහු කොළඹට කැඳවා තිබුනත්, ප්‍රශ්න කිරීම සඳහා හේතු හෝ ඔහුට එරෙහි චෝදනා පිළිබඳව කලින් දැනුම්දීමක් නොකෙරුණු අතර ප්‍රශ්න කෙරුණු අවස්ථාව සඳහා නීතීඥ වරයකු කැටුව යෑමට ඔහු කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කෙරිණි.
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු ඔහු වෙත දුන් දුරකථන පණිවුඩ පිළිබඳව මෙන්ම රැඳවියන්ගේ දුරකථන වලට ඔහු කළ ඇමතුම් පිලිබඳව මානික්කවාසගම් මාධ්‍යවේදියා ගෙන් පොලිසිය ප්‍රශ්න කොට තිබේ.
තමා මාධ්‍යවේදියෙක් වශයෙන් රැකියාවේ නියුතු හෙයින් මෙවැනි දුරකථන ඇමතුම් තමන් වෙත නිරන්තරයෙන් ලැබෙන බවත්, සිරකරුවන් පමණක් නොව ඔවුන්ගේ ඥාතීන් තමන් හා සංවාදයට නිරතුරුව එළඹෙන බවත් පොලීසිය වෙත පැවසූ බවයි, මානික්කවාසගම් ප්‍රකාශ කරන්නේ.

සිරකරුවන්ගේ දුක්ගැනවිලි

වසර ගණනාවක් සිරගත කොට සිටින රැඳවියන්ගේ දුක්ගැනවිලි මෙන්ම ඉක්මන් නිදහසට ඇති ඉඩකඩ මෙම සංවාද වලට මාතෘකා වන බව ඔහු පොලිසියට පවසා තිබේ.
සිරකරුවන්ගේ දුරකථන ඇමතුම් මඟ හැරුණු අවස්ථාවලදී තමන් ආපසු එම අංක ඇමතු බවද එය තම 'වෘත්තීය කටයුතු සඳහා අවශ්‍ය කතාබහක්' යනුවෙන් තමා කරුණු පැහැදිළි කර දුන් බවද, ඔහු ප්‍රකාශ කොට තිබේ.
උතුරු ශ්‍රී ලංකාවේ බීබීසී වාර්තාකරු ලෙස සේවය කරන තමාගේ දුරකථන අංක බොහෝ දෙනෙක් දන්නා බවද දීර්ඝ කාලයක් මුළුල්ලේ කෙරුණු ප්‍රශ්න කිරීමේදී ඔහු පොලිසියට පවසා තිබේ.
පී මානික්කවාසගම්ට එරෙහිව පැමිණිලි ගොනු කෙරෙන්නේ ද යන්න හෝ යලි ප්‍රශ්න කිරීම සඳහා යලි කැඳවීමට බලාපොරෝත්තු වන්නේද යන්න කොළඹ ත්‍රස්ත විමර්ෂණ ඒකකය පැහැදිළි කර නැහැ.
වවුනියාවේ පදිංචි මානික්කවාසගම්, වසර පහළොවකට අධික කාලයක් උතුරේ සිට බීබීසී දෙමළ සේවය වෙනුවෙන් වාර්තා කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකි.

සබැඳි තේමා

CID questioned BBC Jaffna correspondent
CID questioned Manikawasagam, BBC correspondent of northern province this morning over holding telephone conversation with political prisoner detained at the Vavuniya prison. 
Tamil National Alliance strongly condemns this activity.
Speaking to media TNA spokesman Suresh Premachchandran went on to say,
Several media organisations were attacked , journalists were killed , threatened , questions and several others have migrated from the country.
However Lankan government express concern over comments made by the UN Human Rights Commissioner Navaneetham Pilly. Pillay said SriLanka government fail to act on democratic manner.
There are no restrictions for journalists they are permitted meet all people and hold discussions with them, spokesman said.