Sri Lanka: Police Rings Court Complex; Journalists Bared; Pro government Mobs Allowed – Photo essay
Former Presidential adviser Mr. Mohan Peiris has been appointed as the new Chief Justice by the vary same President today after politically motivated controversial impeachment against the present Chief Justice. The Supreme Court complex was ringed by hundreds of police and military personal to prevent any action by pro democracy groups. At he same time present Chief Justice Dr. Shirani Bandaranayake has been almost kept in house arrest by 200 odd police force who surrounded her official residence. Police prohibited media to enter her residence on the ground that she does not have right to use the premises. She was prevented holding a press conference by the political police.
Sri Lanka today looked liked a country under police rule.( courtesy:Vikalpa.org)
January 15, 2013 by Karapoththa
‘‘අද ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉන්නවා නීත්‍යානුකූල අගවිනිසුරැවරියක් සහ ආණ්ඩුවෙන් නීති විරෝධිව, අධිකරණ තීන්දු දෙකකට පිටුපාලා, මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැත්තකට තියලා, ස්වාභාවික යුක්ති මූලධර්මයන් සියල්ල පැත්තකට දාලා අද ඒකාධිපති ස්වරෑපයෙන් තවත් අග්‍රවිනිශ්චකාරවරයෙක් පත් කරලා තියනවා. එයා පත්කළ අග්‍රවිනිශ්චයකාරවරයා. නීත්‍යානුකූල අගවිනිසුරැවරිය ශිරාණි බණ්ඩාරණායක මැතිණිය. එබැවින් අපි මේ මොහොතේ මේ ප්‍රතිඥාව දෙන්නේ, අද දවස තමයි මේ රටේ අදුරැතම දවස. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන දවස.‘‘ යනුවෙන් නීතිඥ සංගම් එකමුතුව වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේය. ඒ අද(15) උදෑසන කොළඹ, අධිකරණ සංකීර්ණය අසලදී පැවති විරෝධතා ව්‍යාපාරයකදී ය.

ශිරාණි බන්ඩාරණායක අගවිනිසුරැවරියට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් සම්මත කර ගනු ලැබීමෙන් පසු දේශීයවත්, ජාත්‍යන්තරවත් අපකීර්තියට මෙන්ම ගැරහීමට බදුන් වූ හිටපු නීතිපතිවරයෙක් වන මොහාන් පීරිස් නව අගවිනිසුරැවරයා ලෙස පත් කිරීමට විරැද්ධව පැවති අලුත් කඩේ අධිකරණ සංකීර්නය අසලදී මෙම විරෝධතාවය පැවැත්වීය.
එහිදී සුවිශේෂ කරැණ නම් පෙර අප වාර්තා කළාක් මෙන් අදත් පොලීසිය විසින් නිතිඥයින්ට මෙන්ම ජනමාධ්‍යටත් සාමකාමී ලෙස සිදුකල ඔවුන්ගේ කාර්ය සිදු කිරීමට බාධා පැනවීය. නමුත් ඒ අසලදීම ආණ්ඩුවේ පළාත් සභා මංත්‍රීවරැ මෙන්ම, පසුගිය 11 වනදා නීතිඥයින් පැවැත් වූ විරෝධතාවයට පහර දීමට පැමිණී ආණ්ඩුවේ කුලී කරැවන් නව අගවිනිරැවරයාට සහය පළ කරමින්, ප්‍රසිද්ධියේ නීතිඥයින් ගැරහීමට ලක්කරමින් පැවැත් වූ විරෝධතාවයට කිසිදු බාධාකිරීමක් සිදු කලේ නැත. ඔවුන් රිසි සේ අධිකරණය ඉදිරිපිට මාර්ගය පරිහරණය කරමින් දෝෂාභියෝගයට විරැද්ධව සියලු අය ගැරහීමට ලක් කරමින් විරෝධය දැක්වූ ආණ්ඩුවේ කුලීකරැවන් සමග පොලීසිය සුහදව සිනාහා පිරි මුහුණින් කතාකර සිටීමය.
එසේම ඇතැම් පොළිස් නිළධාරීන් රජ්‍ය පාක්ෂීක මාධ්‍යකරැවන්ට සුහද ලෙස සැලකිලිත් අනිකුත් මාධ්‍යවේදීන්ට තර්ජනාත්මක ස්වරෑපයෙන් අමතනු ද දැකිය හැකි වීමද අද අධිකරණ සංකීර්ණය අසල සුවිශේෂ සිදුවීමකි.
කෙසේ නමුත් බහුතර නීතිඥ ප්‍රජාව නව අගවිනිසුරැවරයා ප්‍රතික්ෂේප කරන අතරේ ඇතැමි නීතිඥයින් ඔහුව සහ ආණ්ඩුවේ දෝෂාභියෝග ක්‍රියාවලිය ඉස්මුදුනින් පිළිගැනීමද විශේෂයකි.
එසේම නව අගවිනිසුරැවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රෙය්, විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්‍යෙසෝති සරවනමුත්තු මහතා විසින් අද(15)ගොනු කර තිබේ.
පහත පළවන්නේ අධිකරණ සංකීර්ණය අසල අද පැවති විරෝධතාවයන්ගේ ඡායාරෑප සහ වීඩියෝ දර්ශනයි.