Peace for the World

Peace for the World
First democratic leader of Justice the Godfather of the Sri Lankan Tamil Struggle: Honourable Samuel James Veluppillai Chelvanayakam

Thursday, November 29, 2012


Vikalpaයළිත් වරක් යාපනය සරසවියේ සිසුන්ට පොලීසිය පහර දෙයි; බුද්ධි අංශ ශිෂ්‍ය නායකයන් පසුපස පන්නයි.

November 29, 2012 by    



පසුගිය 27 දිනයේදී විශ්ව විද්‍යාල භූමියට සහ නේවාසිකාගාරයන්ට බලහත්කාරයෙන් ඇතුළු වී සිසුන්ට පහර දීමට විරුද්ධව අද යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් සංවිධානය කරතිබූ සාම කාමී විරෝධතාවයට ශ්‍රී ලංකා පොලීසිය සහ හමුදා බුද්ධි අංශ විසින් ඉතා මිලේච්ඡ අන්දමින් පහර දෙනු ලැබීය.මෙම පහර දීමෙන් සිසුන් 7ක් තුවාල ලැබීය.
ඉන්පසු ඊයේ(28) උදෑසන 11.00 පමණ විශ්ව විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයේ යෙදුනු සිසුන් ඉන්පසුව සාමාකාමී පාගමනක් ලෙස ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වීමට සූදානම්වනවාත් සමගම පොලීසිය සහ සිවිල් ඇදුමින් සැරසුනු හමුදා බුද්ධි අංශ සාමාජිකයන් විසින් සිසුන් පිටුපස එලවා යමින් පහර දුන්හ.
මේ අතර විශ්ව විද්‍යාල භූමිය අවට සහ ඇතුළුවන ගේට්ටු අසල හමුදා බුද්ධි අංශ සාමාජිකයන් විශාල වශයෙන් ගැවසෙමින් සිටින බව බවත් වාර්තා විය.
ඊයේ(28) හමුදාව විසින් කාන්තා නේවාසිකාගාරයන්ට පවා බලහත්කාරයෙන් ඇතුළු වූ අතර එම නේවාසිකාගාරයන්ගේ වෙසෙන සිසුවියන්ගේ පෞද්ගලික බඩුබාහිරාදියට පවා ඔවුන් හානිකර ඇතැයි ද වාර්තා වෙයි.
ශිෂ්‍ය නායකයන් පසුපස හමුදා බුද්ධි අංශ
අප සමග අදහස් දැක්වූ යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙකු පවසා සිටියේ මේවනවිට හමුදා බුද්ධි අංශ ශිෂ්‍ය නායකයන් දඩයම් කිරීමට උත්සහ දරන බවයි. හමුදා බුද්ධි අංශ ශිෂ්‍ය නායකයන් පසුපස යමින් සිටින බවත් ඔවුන්ගේ ජීවත දැඩි අනතුරකට පත්ව ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මගේ වාහනයට පහර දුන්නේ හමුදා බුද්ධි අංශ – පා.ම සරවනබවන්
තමන්ගේ වෑන් රථයට දැඩි ලෙස හානිපමුණවමින් ඊට පහර දෙන ලද්දේ හමුදා බුද්ධි අංශ බව ඊයේ(28)සවස මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සරවනබවන් ප්‍රකාශ කර සිටියේය.
ඔහු පවසා සිටියේ උදෑසන යාපනය සරසවියේ ඉතා උණුසුම්කාරී වාතාවරණය ඇතිවී තිබෙන බව ආරංචි වී තමා එම ස්ථානය ගිය බවයි.
ඉන්පසුව තමා යාපනය විශ්ව විද්‍යලයේ ප්‍රධාන ගේට්ටුව අසල වාහනය නවත්වා විශ්ව විද්‍යාලයට තුළට ගිය බවත්ය. නැවත පැමිණෙන විටදී තමා පැමිණි වාහනයට ගල් වලින් පහර දී දැඩි අලාභහානී පමුණවා තිබු බවයි. එම ක්‍රියාව සිදුකරන ලද්දේ සහතික ලෙසම හමුදා බුද්ධි අංශ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
යාපනය සරසවි සිසුන්ට පහර දීම දැඩිව හෙළාදකිනවා – දෙමළ ජාතික ජනතා පෙරමුණ
යාපනය සරසවියේ ශිෂ්‍ය නේවාසිකාගරයන් බලහත්කාරයන් ඇතුළු වී සිසුන්ට ප්‍රහාරයක් එල්ලකිරීමත්, අද පැවති සාමකාමී විරෝධතාවයට හමුදා බුද්ධි අංශ සහ පොලීසිය යොදවා ඉතා අමානුෂික ලෙස පහර දීමත් දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බව මාධ්‍ය නිවේදනයක් යොමුකරමින් දෙමළ ජාතික ජනතා පෙරමුණ ප්‍රකාශ කර සිටිති.
රටේ අනාගතය බාරගැනීමට සිටිනා තරුණ පරපුරට මෙසේ ආරක්ෂ අංශ යොදවා පහර දීමට එරෙහිව ඊට විරෝධය දැක්වීමට විරෝධතා ව්‍යාපාරයක් දෙසැම්බර් 4 වැනිදා පවත්වීමට සුදානම් බව එම පෙරමුණේ ප්‍රකාශකයෙන් සඳහන් කර සිටියේය.