Peace for the World

Peace for the World
First democratic leader of Justice the Godfather of the Sri Lankan Tamil Struggle: Honourable Samuel James Veluppillai Chelvanayakam

Thursday, January 26, 2017

අතුරුදහන් වුවන් වෙනුවෙන් කළ උපවාසය තාවකාලිකව නිමයි | VIDEO


 January 25, 2017
අතුරුදහන් වූවන්ට සිදුවූ දේ සොයා ගන්නා තුරු නොනැගිටින බවට ශපත කරමින් උපවාසයක නිරත වුවන්ට දෙසතියක් ඇතුලත අගමැතිවරයා, නීතිපතිවරයා සමග අරලියගහ මන්දිරයේදී මුණ ගස්වන බවට රජය විසින් දෙන ලද සහතිකයකින් අනතුරුව දින හතරක් සපිරෙන මාරාන්තික උපවාසය තාවකාලිකව අත්හිටුවා තිබේ.
වව්නියාවේදී උපවාසය පැවැති ස්ථානයට රජයේ නියෝජිතයා ලෙස 26 බ්‍රහස්පතින්දා පැමිණි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සිංහල සහ දෙමළ බසින් ලිඛිතව පොරොන්දු වී ඇත්තේ පෙබරවාරි 09 දා තමන්ද සමග උපවාසකරුවන්ට අගමැතිවරයා සහ නීතිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දීමට කටයුතු කරන බවයි.
උපවාසිකයන් සියලු දෙනා හට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ජලය පොවමින් උපවාසය අවසන් කරන ලදී.
උතුරේ මහ ඇමැතිවරයා 25 බ්‍රහස්පතින්දා උදෑසන ජනාධිපතිවරයා වෙත ලිඛිතව අනතුරු අඟවා තිබුනේ උපවාස භූමියට රජයේ ඉහල බලධාරියකු පැමිණ නිශ්චිත විසඳුමක් ලබා නොදුනහොත් ජනතාව ආණ්ඩුව කෙරෙහි තබා ඇති විශ්වාසය බිද වැටිය හැකි බවයි.
“උපවාසික එක කාන්තාවක් අත ඇති ඡායාරූපයක ඇගේ අතුරුදහන් දියණිය ඔබතුමා පසෙකින් හිටගෙන සිටින්නීය. අඩුම වශයෙන් ඇය ඉන්නා තැන හෝ වහාම සොයාබලා ඇගේ මෑණියන්ට බාර දීමට කටයුතු කළ හැකිය,” යි මහ ඇමති විග්නේස්වරන් ලියා තිබේ.
 
උපවාසයට සහාය
රජයේ ආරක්ෂක අංශ විසින් අතුරුදහන් කරනු ලැබුවන් පිළිබද තොරතුරු හෙළි කරන ලෙසත් සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත් ඉල්ලමින් වව්නියාවේදී ආරම්භ කර තිබු මාරාන්තික උපවාසයට සහාය දක්වමින් බන්ධනාගාර සිරකරුවන් විසින් ආහාර වර්ජනයක් ද අද දිනයේ ක්‍රියාත්මක කර තිබුණි.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන කොළඹ මැගසින් බන්ධනාගාරයේ සහ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් පිරිසක් මෙලෙස ආහාර වර්ජනයේ නිරත වු බවයි රැදවියන්ගේ ප්‍රකාශකයෙක් ගගන හා කියා සිටියේ.
කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් විමසීම සදහා බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය සම්බන්ධ කරගැනීමට ගගන දැරු උත්සායය ව්‍යවර්ථ විය.
මේ අතර උපවාසයේ නිරතව සිටි පිරිසයට සහාය දක්වමින් යාපනය නල්ලුර් කෝවිල ඉදිරිපිටද උද්ඝෝෂනයක් ක්‍රියාත්මක කිරීමට අතුරුදහන්වුවන් සහ දේශපාලන සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටින උතුරේ සංවිධානයක් කටයුතු කර තිබුණි.


එමෙන්ම උපවාසයට සහාය දැක්වීම පිනිස යාපනය සරසවියේ සිසුන් 70 ට අධික පිරිසක්ද අද දිනයේ උපවාසය පැවැති ස්ථානයට පැමිණ සිටි බව ගගන වව්නියාව වාර්තාකරු සදහන් කරයි.
උපවාසයේ නිරතව සිටි 14 දෙනා අතරින් සිව් දෙනකුගේ තත්වය අයහපත් තත්වයක පැවැති බව පවසන ඔහු කිසිවකුත් අද හවස් යාමය දක්වා රෝහල් ගත කර නොමැති බවද තහවුරු කළේය.
අගමැතිගේ ප්‍රකාශයට විරෝධය
මේ අතර ශ්‍රී ලංකාවේ දහස් සංඛ්‍යාත අතුරුදහන් වූවන් “එලොව ගියේද, රට ගියේදැ,” යි නොදන්නා බවට අගමැති රනිල් වික්‍රමසිංහ විසින් 25 බදාදා පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශයට විරෝධය පල කරමින් අතුරුදහන් වුවන් පිළිබදව සොයා බැලීමේ කමිටුව විසින් සිය අද දිනයේ මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබුනි.
අතුරුදහන් වුවන් පිළිබදව සොයා බැලීමට කටයුතු කරන බවට විපක්ෂ නායකවරයා ලෙස සිටියදී රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශ කරනු ලැබුවත් ඔහු විසින් පාර්ලිමේන්තුවේ සිදු කර තිබෙන ප්‍රකාශය සම්පුර්ණයෙන් පරස්පර ප්‍රකාශයක් බව එම නිවේදනය මගින් පෙන්වා දෙන මානව හිමිකම් ක්‍රියාධර සුන්දරම් මහේන්ද්‍රන් අවධාරණය කර ඇත්තේ අගමැතිවරයාගෙන්ද දෙමළ ජනතාවට යුක්තිය ඉටු නොවන බවක් පෙනෙන්නට ඇති බවයි.
 
උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිටින යුද හමුදා ප්‍රමාණය අඩු කිරීමට හෝ මේ වන තෙක් කටයුතු කර නොමැති බවට චෝදනා කරන ඔහු ගගන හා කියා සිටියේ “රජයේ ක්‍රියාකලාපය තුලින් පෙන්නුම් කරන්නේ උඹලාගේ අයිතිවාසිකම් උඔලා සටන් කරලා දිනාගනිල්ලා වැනි හැඟීමක්,” බවයි.
ලංකාවේ අතුරුදහන් වීම්
අතුරුදහන් වීම් පිලිබඳ සොයා බලන එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුවට 1980 සිට ශ්‍රී ලංකාවෙන් වාර්තාවී තිබෙන නොවිසඳුණු අතුරුදහන් වීම් සංඛ්‍යාව 5750 කි.
එය දෙවැනි වන්නේ ඉරාකයට පමණයි.
නොවැම්බරයේ ශ්‍රී ලංකාවට පැමිණි එම කමිටුවේ විශේෂඥ මණ්ඩලයට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාධාරීන් වාර්තා කළ පරිදි ආගිය අතක් නොමැති පුද්ගලයන් 22,000 කට වැඩි දෙනකුගේ තොරතුරු දේශීය වශයෙන් ලේඛණ ගතවී ඇත.