Peace for the World

Peace for the World
First democratic leader of Justice the Godfather of the Sri Lankan Tamil Struggle: Honourable Samuel James Veluppillai Chelvanayakam

Friday, August 15, 2014

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා


ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය


ජන බල සේනා සංවිධානයේ නායක වටරැක විජිත හිමියෝ හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
උන්වහන්සේ ශල්‍ය කර්මයකට භාජනය කරනු ලැබ ඇති බවයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ.
පසුගිය ජුනි මාසයේ දහනව වෙනි දින පහර දී තුවාල සිදු කොට අතපය ගැට ගසනු ලැබ පානදුර, හිරණ ප්‍රදේශයේ මහමග දමා ගොස් සිටිය දී සොයා ගනු ලැබුණ විජිත හිමියන්ට එරෙහිව පොලිසිය නඩු පැවරුවේ එය උන්වහන්සේ විසින් ම සිදු කර ගත් දෙයක් යයි චෝදනා කරමිණි.

බොදු බල සේනා භීතිය

බොදුබල සේනා සංවිධානය තමනට පහළොස් වතාවක් පහරදුන් බව කියා සිටින වටරැක විජිත හිමියෝ කොළඹ, නුවර, මහියංගනය යන අධිකරණ වල ඒ සම්බන්ධයෙන් නඩු විභාග වන බව පවසති.
තම තත්වය සැලකිල්ලට ගනිමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ට ලබාදුන් පොලිස් ආරක්ෂාව මේ වනවිට ඉවත් කරනු ලැබ ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
බොදු බල සේනා සංවිධානයෙන් තමන්ට තවමත් මරණ තර්ජන ඇති බවත් විජිත හිමියෝ කියා සිටිති.
එහෙත් බොදු බල සේනා සංවිධානය එම ප්‍රකාශන දිගින් දිගටම බැහැර කරනු ලැබ ඇත.

ඉල්ලුවේ සාමය

“මම කුරා කුහුඹුවකුටවත් වරදක් කරලා නැහැ. මම හැමදාම කිව්වේ මේ රටේ සාමය සමගිය තිබිය යුතු බවයි. දැන් මට ඉතිරි වී තිබෙන්නේ මගේ හුස්ම ටික විතරයි” විජිත හිමියෝ හලාවත රෝහල් සයනයේ සිට කියා සිටියේ දුක්මුසු හඬකිනි.
උන්වහන්සේ ඉතා දුෂ්කර සහ දුක්බරවයි, උන්වහන්සේගේ අද තත්වය විස්තර කරන්නේ.