Peace for the World

Peace for the World
First democratic leader of Justice the Godfather of the Sri Lankan Tamil Struggle: Honourable Samuel James Veluppillai Chelvanayakam

Wednesday, March 5, 2014

BBCඅවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 2 ඉරිදා -Windows player යොදාගෙන වාදනය කරන්න
අත් අඩංගුවේ දී බ්‍රිතාන්‍ය පුරවැසි දෙමළ ජාතිකයකු පසුගිය සතියේ මරු මුවට පත් වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස දේශපාලන පක්ෂ සහ මානව හිමිකම් සංවිධාන ද ඉල්ලා සිටිති.
එල්ටීටීඊ සංවිධානයට ආධාර කිරීමේ චෝදනාවට සිරගත කොට සිටිය දී මැගසින් බන්ධනාගාරයේ දී මියගිය විශ්වලිංගම් ගෝපිදාස් ගේ අවසන් කටයුතු පේදුරු තුඩුවේ ඉරිදා සිදු කරනු ලැබුයේ සිය ගණනක් සහභාගි වූ විරෝධතාවක් මධ්‍යයේ බවයි දිනසේන රතුගමගේ වාර්තා කළේ.
ආණ්ඩුවේ පරීක්ෂණ වලින් සෑහීමකට පත් විය නො හැකි බව කී මානව හිමිකම් ක්‍රියාධරයන් මරණය හැඳින්වුයේ දේශපාලන ඝාතනයක් ලෙසින්.

දේශපාලන සිරකරුවන්ට 'නිදහස'

සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි උද්ඝෝෂකයන්, දෙමළ රැඳවියන් අත් අඩංගුවේ දී මියයාම සහ වධ බන්ධනයට ලක්වීම ට එරෙහිව විරෝධය පා තිබේ.
හත් වසකට ආසන්න කාලයක් බන්ධනාගාර ගත කොට සිටි විශ්වලිංගම් ගෝපිදාස් කොළඹ මැගසින් බන්ධනාගාරය තුල ඉකුත් සඳුදා උදෑසන මිය ගොස් ඇත්තේ හෘදයාබාධයකින් බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා මාධ්‍යවේදීන් අමතා කියා තිබුනේ.
දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් කැඳවා තිබු විරෝධතාවට දෙමළ ජාතික සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ හා නව සම සමාජ පක්ෂය සමග අතුරුදහන් වුවන් සහ දේශපාලන සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ද එක් වී සිටියහ.