Peace for the World

Peace for the World
First democratic leader of Justice the Godfather of the Sri Lankan Tamil Struggle: Honourable Samuel James Veluppillai Chelvanayakam

Monday, November 26, 2012

I’m Still A Prisoner In Welikada – Fonseka


War Crimes in Sri Lanka-genocide


Photo: බුද්ධ දේශනාව තුළින් ප්‍රකට වන ලෝකය හා සත්වයා බිහිවීම පිළිබඳ තර්කානුකූල හා හේතුඵල න්‍යායානුගත බුද්ධිමය ප්‍රවේශය පිළිබඳ සංක්ෂිප්ත සටහනක්.

නිමේෂ තිවංකර සෙනෙවිපාල
ශාස්ත්‍රෙව්දී උපස්නාතක


ලෝකය ආරම්භ වූයේ ඇයි ද? කෙසේ ද? යන්න පෘථග්ජන සත්වයා විසින් නිරන්තරව සිය බුද්ධියෙන් විචාරයට ලක් කරන මාතෘකාවකි. විද්‍යාඥයින් විසින් ස්වකීය විද්‍යා පරිකල්පනය තුළින් ද නිතර ම විමර්ශනයට ලක් කෙරෙන  මෙම මාතෘකාව වූ කලි ඉතා ඈත අතීතයේ පටන් ම මිනිස් සිත කුහුලින් පුරවාලීය. ක්‍රිස්තු පූර්වයෙහි පවා වෛදික යුගයේ දීත්, ඊට පෙරත් පැවති සියලු සමාජවලදී මෙම ප්‍රශ්නය පොදුවේ සියලු මිනිසුන් අබියස තිබූ බව පෙනී යයි. විවිධ ආගම්වල බිහිවීම කෙරෙහි ද මෙම ප්‍රශ්නය බලපා ඇති බව පෙනේ. විශේෂයෙන් ම දේව මැවුම්වාදී ආගම්වල මෙම ලෝකයේ ආරම්භය සිදු වූයේ කිනම් ආකාරයකින් ද යන ප්‍රශ්නය නිතර ම ඉස්මතු කෙරේ. බොහෝ විට පරිසරය ආශ්චර්යයක් සේ දුටු අතීත මානවයා විසින් මේ සියල්ල යමෙකුගේ නිර්මාණාත්මක කෘතියක් සේ පොදු විශ්වාසයක එල්බගැනීම සිදු වූ අතර, ඒ නිසා ම සියල්ල මවන ලද සර්වබලධාරියෙකු සිටින්නේ ය යන මිත්‍යාවට පැමිණ තිබේ. ලෝකය මවන ලද්දේ කිසියම් සර්වබලධාරියෙකු විසින් යැයි උපකල්පනයකට පැමිණි ඔවුහු එයින් ඉක්බිතිව ඒ සර්වබලධාරියාට අවනත විය යුතුය යන මතයට පැමිණි අතර, ඔහු වෙනුවෙන් විවිධ වත් පිළිවෙත් හා අභිචාර රටා ද නිර්මාණය කරගත්තෝ ය. මෙයින් ඉක්බිතිව මැවුම්කාරයා විසින් සියල්ල පාලනය කරන්නේ ය යන ස්ථාවරයේ පිහිටා ඔහුගේ කැමැත්ත අනුව සියල්ල තීරණය වන්නේ ය යන විශ්වාසයෙන් යුක්තව මානව සම්ප්‍රදායන් ජනනය වී ඇත. මේ දෘඩ මැවුම්වාදයේ එල්බ ගත් ප්‍රජාව අතරට, වෛදික යුගයෙන් බිහි වූ හින්දු සම්ප්‍රදාය ද, මැද පෙරදිග බිහි වූ ක්‍රිස්තියානි හා ඉස්ලාම් යන ආගම් ද වැටේ. ඔවුහු විශ්වාස කරන්නේ ලෝකය මවන ලද්දේ යම් විශ්වීය බලවේගයක් වන මැවුම්කරුවෙකු විසින් බව ය. ඔවුහු උපකල්පනය කරන්නේ නිවසක් සැදීමට ගඩොලු හෝ සෙසු අමුද්‍රව්‍ය තිබුණු පමණින් නිවසක් සෑදෙන්නේ නැති බවත්, එම නිවස සෑදිමට නම් නිර්මාණකරුවෙකු උවමනා බවත් ය. ඒ ආකල්පයේ පිහිටා ලෝකය ද නිර්මාණකරුවෙකුගෙන් තොරව පහළ නුවූයේ ය යන මතවාදය ඔවුහු ප්‍රතික්ෂේප කරන්නට පෙළඹෙති. ඒ අනුව ආගමික වශයෙන් බොහෝ සමානකම් දරන දෙපිරිසක් වන ක්‍රිස්තියානින් හා මුස්ලිමුන් විශ්වාස කරනුයේ සර්ව බලධාරී දෙවියා විසින් ලෝකය උත්පාදනය කොට, එයින් ඉක්බිතිව එම ලෝකය සතු වූ පසින් මිනිසා මවා ප්‍රාණය ලබාදුන් බව ය. නමුත් එම දෙවියා මැවුනේ කෙසේ ද යන ප්‍රශ්නය හමුවේ ඔවුහු නිරුත්තර වෙති. ප්‍රශ්නයෙන් පලායති. ස්වකීය ආගමේ ම එන කරුණු සම්බන්ධව ඔවුන් තුළ ද බොහෝ ගැටලු ඇතත්, සර්වබලධාරියා පිළිබඳ සැක කිරීමෙන් ඔහු විසින් දඩුවම් පමුණුවනු ඇතැයි යන මිත්‍යා සංකල්පයෙන් ඔවුහු එසේ ඇතිවන ප්‍රශ්න ආයාසයෙන් යටපත් කරගනිති.
එය වූ කලි මැවුම්වාදයේ යථාර්ථය යි.
ලෝකය කිසිවෙකු විසින් මැවූයේ ය යන්න එක්තරා අතකින් සියලු ප්‍රශ්න නිරාකරණය කරනු ලබයි. එසේ මතයකට පැමිණි විට කුසල්, අකුසල්, පින්, පව්, කර්ම, දුක, සතුට, වේදනා ආදී කොටගත් කිසිම දෙයක් නැත. ඒ සියල්ලට ම ඇත්තේ එක ම පිළිතුරකි. ඒ වූ කලි සියල්ල දෙවියන්ගේ කැමැත්ත යැයි අදහා පලා යාම ය. ආක්‍රමණය සඳහා විශේෂයෙන් ම සකසා ගත්තා වූ ඉස්ලාම් හෝ ක්‍රිස්තියානි වැනි මැවුම්වාදී ආගම්වල මේ අදහස මත පිහිටා දෙවියන්ගේ කැමැත්ත සහ සතුට ලෙස සලකා සියලු ම ආකාරයේ වැරදිවල නියුතු විය හැකිය.
ආගමක් නොවන බෞද්ධ දර්ශනය වූ කලි ලෝකය පිළිබඳ සහේතුක, නිර්දෝශී නිගමනයක් කරා මානව බුද්ධිය මෙහෙයවන එක ම ශික්ෂණ මාර්ගය යි. මැවුම්වාදය සහමුලින් ම ප්‍රතික්ෂේප කරන බුදුදහම ඒ වෙනුවට ඉදිරිපත් කරනුයේ අතිශය ප්‍රබුද්ධ වූ හේතුඵල න්‍යාය යි. ඇතැමෙකු විසින් මෙයට හේතුඵලවාදය යැයි කියතත්, එය සපුරා වැරදි ය. එය වාදය පිණිස පවතින්නක් නොවේ. එය අවබෝධය පිණිස පවතින්නකි. එහෙයින් එය න්‍යාය කි. කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ බෞද්ධ හෝ අබෞද්ධ සියලු ම ප්‍රජාව ද, සියලු සත්වයින් ද නිරත වී සිටින්නා වූ ගමන් මාර්ගය පිළිබඳ න්‍යාය වූ කලි එය යි.
ලෝකය බිහි වූයේ කෙලෙස ද යන්න මිනිසා හමුවේ ඇති සර්වකාලීන ගැටලුවකි. එය බුද්ධ කාලීනව ද මිනිස් සිත් හි පැවති ගැටලුවක් බව ත්‍රිපිටකය ඇසුරින් ම අපට පැහැදිලි වෙයි. 
දීඝ නිකායේ තුන්වැනි කොටසට අයත් සූත්‍ර දේශනාවක් වන අග්ගඤ්ඤ සූත්‍රය වූ කලි ලෝකය නිර්මාණය වීම පිළිබඳ බුද්ධ භාෂිතයඉතා පැහැදිලිව දැක්වෙන එක ම සූත්‍ර ධර්මය යි. චූල මාලුංක්‍යපුත්ත සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ විසින් ඉතා පැහැදිලිව දක්වා ඇති ආකාරයට ලෝකයේ ආරම්භය හෝ අවසානය ගැන සෙවීම නිශ්ඵල වූ ක්‍රියාවකි. මිනිසා එය දැනගනු ලැබුවත් ලෝකයේ පැවැත්මට වෙනස් කිරීමට ඔහුට නුපුළුවන. එහෙයින් එය නිශ්ඵල කටයුත්තකි. සත්වයා විසින් උත්සාහ ගත යුත්තේ තමා තුළ පවතින කෙළෙස් හඳුනාගෙන ඒවා දුරුකිරීම සඳුහා බව බුදුරජාණන් වහන්සේ විසින් අවධාරණය කළහ. එය රණ බිමක විස පෙවූ හීයක් වැදුණු අයෙකු විසින් හීයේ ස්වභාවය, නිර්මාණය හෝ වෙනත් තොරතුරු ගැන නොසොයා හීය ඉවත් කරගැනීමට වෙහෙසෙන්නා වැනි ය. කෙලෙස් දුරුකිරීම පිණිස ක්‍රියාශීලී විය යුතු ආකාරය එවන් උපමා වලින් ම උන්වහන්සේ ගෙනහැර පෑ හ. එසේ වුවත්, අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවේ දී ලෝකයේ ආරම්භය පිළිබඳව උන්වහන්සේ ඉතා පැහැදිලි ව දක්වා තිබේ. 
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර මිගාර මාතු ප්‍රාසාද නමින් ප්‍රසිද්ධ වූ පූර්වාරාමයේ වැඩ වසන සමයේ එම විහාරයේ ම පැවිදි ව සිටි වාසෙට්ඨ හා භාරද්වාජ නම් සාමණේරයන් වහන්සේලා දෙදෙනෙකු අරභයා මෙම සූත්‍ර ධර්මය දේශනා කරන ලදී. 
බ්‍රාහ්මණ කුලයෙන් නික්මී, පැවිදිව සිටි උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ ප්‍රශ්න කරන ලදී.
“වාසෙට්ඨ, බ්‍රාහ්මණ කුලයෙන් නික්මී පැවිදි වූ ඔබලාට බ්‍රාහ්මණයෝ අපහාස, පරිභව කරනවා නොවේද?”
“එසේය ස්වාමීනි, බ්‍රාහ්මණයෝ නොයෙකු ආකරයෙන් අපට ආක්‍රොෂ පරිභව, අපහාස උපහාස කරනවා.”
“වාසෙට්ඨ, කෙසේ ද ඔවුන් ඔබට අපහාස කරන්නේ?”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, බ්‍රාහ්මණයින් තමා ශ්‍රේෂ්ඨ. අනෙක් සියල්ලෝ ම හීන යි. බ්‍රාහ්මණයෝ වර්ණවත්, උත්තරීතරයි, පාරිශුද්ධයි... අනෙක් සියල්ලෝ ම හීන යි. මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන් බ්‍රාහ්මණයන් යනු මහා බ්‍රහ්මයාගේ දරුවන් කියලා ඔවුන් උදම් වෙමිනුයි අපට අපහාස කරන්නේ. උඹලා බ්‍රහ්මයාගේ යටි පතුලින් උපන් එවුන්. මුඩු මහණුන්. උඹල මොකට ද බ්‍රාහ්මණ ගෝත්‍රයෙන් නික්මුණේ? ආදි වශයෙන් අපහාස කරනවා.”
“වාසෙට්ඨයිනි, එයයි බ්‍රාහ්මණ මතවාදය. ඔවුන් උසස්, වර්ණවත්, පාරිශුද්ධ ආදි වශයෙන් උදම් වෙනවා. අනෙක් අය සියලු දෙයින් හීන බව කියමින් සිටිනවා. වාසෙට්ඨ, බලන්න පැහැදිලිව ම අපට දකින්න තියෙද්දී මිනිසුන් මවුකුසින් බිහිවන ආකාරය, ඔවුන් කියනවා මහා බ්‍රහ්මයා විසින් මවන ලද බව. ඔවුන් මේ දේ කියන්නේ පුරාතන ලෝකය ගැන දැනුමක් නැතිවයි. වාසෙට්ඨ, මේ සමාජයේ මිනිසුන් කුල හතරක් සිටිනවා. බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය හා ශුද්‍ර යනුවෙන්. වාසෙට්ඨ, මේ කුල සතරේ ම සිටිනවා, දුෂ්චරිතවත් උදවිය. ඒ වාගේ ම සුචරිතයෙන් යුතුව පංචශීලයේ නිරත වන අයත් සිටිනවා. ඒ වාගේ ම මේ කුල සතරෙන් ම ඇවිත් පැවිදි වෙලා මාර්ගාවබෝධයට පැමිණි අයත් සිටිනවා. අන්න ඒ යහපත් ගුණධර්ම, ශීල සම්පදා ඇති අයයි සෑම විටක ම ශ්‍රෙෂ්ඨත්වයට පත්වන්නේ. වාසෙට්ඨ, බලන්න කපිලවස්තු ශාක්‍යයන්ගේ වැඳුම්පිදුම් වලට ලක්වෙන කොසොල් රජතුමා ශාක්‍ය කුලයේ ම උපන් මා දුටු විට ආසනයෙන් නැගිටිනවා.. වන්දනා කරනවා. ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේට කොපමණ සුන්දර උපතක්ද තිබෙන්නේ? මට ඇත්තේ මහත් නරක උපතකි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කෙතරම් බලවත් ද? මා කෙතරම් දුබල ද? ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කෙතරම් සුන්දර ද? මා කෙතරම් දුර්වර්ණ ද? ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කෙතරම් මහේශාක්‍ය ද? මා කෙතරම් අල්පේශාක්‍ය ද?’ ආදි වශයෙන් කොසොල් රජතුමා වන්දනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ උපත නිසා නොවේ. පින්වත් වාසෙට්ඨ, කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේට ගරු කරන්නේ සිල්වත් බව නිසා නොවේ ද? මතක තබාගන්න එලොවදීත්, මෙලොවදීත් ශ්‍රෙෂ්ඨ වන්නේ ධර්මය ම යි.
“වාසෙට්ඨ, මූල සහිතව හටගත්තා වූ යම් ශ්‍රද්ධාවක් (ආකාරවතී ශ්‍රද්ධා) යමෙකුට තිබේ ද, යම් ශ්‍රමණයෙකුට, බ්‍රාහ්මණයෙකුට, දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට වේවා වෙනස් කළ නොහැකි එවන් ශ්‍රද්ධා සහිත කෙනායි රහතන් වහන්සේ කෙනෙකු වෙන්නේ. පින්වත් වාසෙට්ඨ, බ්‍රාහ්මණයන්ගේ කතාව ඒ රහතන් වහන්සේලාට මෙසේ කිව හැකියි. ‘මම වූ කලි භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍රයා ය, ළයෙහි උපන් පුත්‍රයා ය, භාග්‍යවතුන් වහන්සේගේ මුඛයෙන් ජාතක වුනෙමි, ධර්මයෙන් ම හටගත්තෙමි, මම ධර්මයේ මැවීම යි, ධර්මයේ ම දායාදය යි...’ පින්වත් වාසෙට්ඨ, දැන් මම අතීතය පිළිබඳ දේශනා කරමි.”
මෙසේ සකසාගත් පසුබිම පාදක කරගත් බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රය සඳහා මග සකස් කරගනී. මෙහිදී මූලික වශයෙන් අවධාරණය කරනුයේ, ලෝක විෂය සම්බන්ධයෙන් භාග්‍යවතුන් වහන්සේ තුළ පවත්නා අනන්ත වූ දැනුම, බුද්ධිය හා අවබෝධය පිළිබඳ ශ්‍රවකයා තුළ පැවතිය යුතු ආකාරවතී ශ්‍රද්ධාව යි. උන්වහන්සේගේ ලෝකවිදූ ගුණය පිළිබඳව ශ්‍රාවකයා විශ්වාසය තැබිය යුතුය. මෙලොව පරලොව සියල්ල බුද්ධ ඤාණය තුළට ගෝචර වන බව බුද්ධිමත් ව වටහාගන්නා බුද්ධ ශ්‍රාවකයා වූ කලි බුද්ධ පුත්‍රයෙකු ම වන්නේ ය.
අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව අනුව, ලෝකය කිසිවෙකුගේ මැවිල්ලක් නොවේ. නමුත් ලෝකය ඇතිවීම, වෙනස් වීම, වියපත්වීම හා විනාශය යන ස්වභාවයට අයත් වේ. පඨවි (රළු හෝ ගණ ද්‍රව්‍ය), ආපෝ (වැගිරෛන සුළු ද්‍රවමය ද්‍රව්‍ය), තේජෝ (උෂ්ණය, තාපය) හා වායෝ (වායුමය) යනාදි සතර මහා භූතයන් විසින් නිර්මාණය කරන ලද ලෝක ධාතුව විනාශ වන්නේ එම ධාතු වියෝජනය වීමෙන් බව බුද්ධ දේශනාව යි. ඒ අනුව එය ආරම්භ වන්නේ ද එම සතර මහා භූතයන්ගේ එකතු වීමෙන් ම ය. කල්පාවසානයක දී විනාශ වන්නේ ලෝකය සහ එහි වසන සත්වයින් පමණක් නොවේ, ඉර හඳ ඇතුළු මුලු මහත් සක්වල ම විනාශයට පත් වේ. 
බුද්ධ දේශනාව අනුව පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ යන පදාර්ථ නොහොත් සතර මහා භූතයින් යනු ලෝකයේ පමණක් නොව, මුළු මහත් විශ්වයේ ම පවත්නා මූලික ම ශක්තීන් සතර ය. නූතන විද්‍යාත්මකව පවා පිළිගන්නා පරිදි විශ්වය පුරා ම ඇත්තේ ශක්තීන්ගේ විපරිණාමය පමණි. බටහිර භෞතික විද්‍යා මූලික නියමයක් වන, කිසිදු ශක්තියක් හටගන්නේ හෝ විනාශ වන්නේ නැත යන්න බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද්දේ මෙයින් සියවස් විසි හයකට  පමණ පූර්වයේ ය. 
විශ්වය ම සාකච්චා කිරීමට පෙර මිහිමත ක්‍රියාත්මක වන සතර මහා භූතයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ යම් තරමකින් දැනගැනීම අතිශය වැදගත් ය. මැවුම්වාදීන් විසින් කියන පරිදි ලෝකය යම් දෙවියෙකුගේ හෝ බ්‍රහ්මයෙකුගේ නිර්මාණයක් නම්, එම දෙවියා මැවුණු ආකාරය ගැන ද සඳහන් විය යුතු ය. නමුත් ඒ කිසිදු ආගමක ඒ ගැන සඳහන් නොවේ. ඔවුන්ට ඒ ගැන ප්‍රශ්න කිරීම ද ආගම විසින් ම තහනම් කර තිබේ. නමුත් බුදුදහම පුරා ම ඇත්තේ විචක්ෂණ භාවය ය. ප්‍රශ්න නොකිරීම බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කර තිබෙන්නේ, බුදුදහම යනු බුද්ධිමතුන්ගේ දහමක් වන නිසා ය. බුද්ධ දේශනාවේ ඉගැන්වෙන සතර මහා භූතයන් නොහොත් ලෝකය බිහිවීමේ මූලික පදාර්ථ සහ ශක්තිය ද කිසිදා විනාශ ව යන්නක් නොවේ. නමුත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන පදාර්ථ සහ ශක්තීන් නිතර පරිණාමණයකට ලක්වේ. උදාහරණයක් වශයෙන් පඨවි ධාතුවට අයත් සාධක වන පස, ලෝහ ඇතුළු රසායනික ද්‍රව්‍ය පිළිබඳ සලකා බලන කල කිසිවක් විනාශ නොවන බවත්, ඒවා ක්ෂය වී තවත් ශක්තියක් බවට පත්වන බවත් ඉදුරා ම පැහැදිලි වෙයි. තව දුරටත් පැහැදිලි කරන්නේ නම්, පසෙහි ඇති රසායනික ද්‍රව්‍ය නිතර ප්‍රතික්‍රියාවලට ලක්වේ. ශාක සඳහා ද මිනිසුන් සහා ද මිනිසුන් සඳහා ද ඒවායේ ශක්තිය යෙදවේ. එසේ යෙදවුණු ශක්තිය වෙනත් ශක්තියක් බවට පරිවර්තනය වෙයි. නමුත් අවසන් නොවේ. මිනිසෙකු මියගිය විට, ඔහුගේ ශරීරය නමැති පඨවි ධාතුවෙන් සෑදුණු කොටස, පණුවන් විසින් පරිභෝජනය කරයි. එවිට එය පණුවා විෂයෙහි පඨවි ධාතුවෙන් නිෂ්පාදනය වූ ආහාරයක් බවට පත්වෙයි. එම ආහාරයෙන් යැපෙන පණුවා ද පඨවි ධාතුවට ම අයත් වෙයි. අනතුරුව එම සත්වයාගේ ශක්තිය තවත් ආකාරයකින් පරිණාමණය වෙයි. පඨවි ධාතුව සෑම විටක ම චක්‍රාකාර ව පරිවර්තනයට ලක්වෙයි. 
ආපෝ ධාතුව නොහොත් වැගිර යන සුළු දේ ද එසේ ය. මිනිසා ජීවත් කරවන ජලය ආපෝ ධාතුවට අයත් ය. එය මරණයත් සමග මිනිස් සිරුරේ පඨවි ධාතුවෙන් වියෝජනය වෙයි. සැරව, ඕජස ආදි වශයෙන් බැහැර වන ආපෝ ධාතුව අනතුරුව මහපොළොව සමග එක්වීම තුළින් යළිත් පඨවි ධාතුවට ම සම්බන්ධ වෙයි. ඉක්බිතිව එය තවදුරටත් සැරව හෝ ඕජස නොවේ. එම ආපෝ ධාතුව එයින් ඉක්බිතිව පස සමග එක් ව වෙනත් ශක්තියක් බවට පරිවර්තනය වෙයි. ගංගා, ඇලදොල මෙන් ම වර්ෂාව සමග ද එක්වෙයි. එම ශක්තිය තවදුරටත් පරිණාමනය වෙමින් විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙයි. 
තේජෝ නොහොත් උණුසුම් ස්වභාවය ද එසේ ම ය. සූර්ය ශක්තිය නමැති තේජෝ ධාතුව මගින් මහ පොළොව මත ජීවය පවත්වා ගනී. එය නොමැති ව කිසි දෙයක පැවැත්මක් නොමැත. මිනිසා තුළ ද තේජෝ ධාතුව පවතී. මරණය සිදුව මද වේලාවකින් තේජෝ ධාතුව ශරීරයේ ඇති පඨවි හා ආපෝ ධාතුවෙන් වෙන් ව යයි. එවිට එම තේජෝ ධාතුව වායෝ ධාතුව සමග සම්බන්ධ වෙයි. 
වායෝ ධාතුව ද එසේ ම ය. ලෝකය පවතින්නේ වායෝ ධාතුව මූලික කරගනිමිනි. විශේෂයෙන් ම ආපෝ ධාතුවට අයත් වන ජලය පවා වායෝ ධාතුවේ නිර්මාණයකි. ඔක්සිජන් සහ හයිඩ්‍රජන් එක් ව ජලය බිහිකිරීම යනු වායෝ ධාතුවෙන් ආපෝ ධාතුව නිර්මාණය වන ආකාරය උදාහරණයකි. එවිට වායෝ ධාතුව, ආපෝ ධාතුව බවට පරිවර්තනය වී තිබේ. එසේම මනුෂ්‍යයා මියයාමත් සමගින් ම වායෝ ධාතුව පඨවි, ආපෝ, තේජෝ ධාතු වලින් බිඳී යයි. නැවත වායුන් සමග ම එකතු වෙයි. තවත් මිනිසෙකුගේ හෝ සත්වයෙකුගේ ශරීරයකට සම්බන්ධ වෙයි. මේ නිසා එයට ද ආරම්භයක් හෝ අවසානයක් නොමැත.
සමස්තයක් ලෙස යථොක්ත සතර මහා භූතයන්ගේ ම ආරම්භයක් හෝ අවසානයක් හෝ නොමැත. ඇත්තේ පැවැත්මක් පමණි. එය ද විපරිණාමයට යටත් වේ. බුද්ධ දේශනාව අනුව මෙම ශක්තීන් එකතු වීම යනු ජීවියෙකුගේ උපතයි. එමෙන් ම මහපොලොවේ උපත යි. එම සාධක වියෝජනය වීම, වෙන්වීම යනු ජීවියාගේ මරණය යි. එමෙන්ම මහපොළොවේ අවසානය යි. බිඳී යාමෙන් පසු එම ශක්තිය තවත් ශක්තියක් බවට පරිවර්තනය වෙයි. එම ශක්තීන් සෑම කල්හි ම ක්‍රියාශීලී ය. ඒවා වෙන් වන්නා සේ ම යළි යළිත් එකිනෙකට සම්බන්ධ වෙයි. එමෙන්ම මෙම ධාතුන් බිහිවන්නේ ද එම ධාතුන්ගේ ම ක්‍රියාකාරිත්වයේ ඵලයක් ලෙස වීම අසිරිමත් ය. උදාහරණයක් ලෙස ආපෝ ධාතුව බිහිවන්නේ වායෝ ධාතුවේ ඵලයක් වශයෙනි. ආපෝ ධාතුව ඝන වීමෙන් පඨවි ධාතුව බිහිවිය හැකිය. කුඩා පාංශු ව්‍යුහයක් ගතහොත් ඒ පාංශු ව්‍යුහය වටා කේශාකර්ෂණ ජලය නමින් හඳුන්වන ආපෝ ධාතු සංයෝජනයක් පවතී. ආපෝ ධාතුව නිසා පඨවි ධාතු එකිනෙක බැඳී ගොස් තිබේ. එමෙන්ම තේජෝ ධාතුව, ආපෝ ධාතුව මත ක්‍රියාකාරී වීමේ දී, වායෝ ධාතුව හටගනී. වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය නිසා ගින්දර හටගනී. ඒ වූ කලි තේජෝ ධාතුවයි. මෙය වනාහි අඛණ්ඩව සිදුවන ක්‍රියාකාරීත්වයකි. මේ සතර මහා භූතයින් නම් වන මූලික ධාතු නොහොත් විශ්වීය පදාර්ථ රැකෙන්නේ එකිනෙකා මත ය. ඒවා වෙනස්වනවා මිස, විනාශ වීමක් හෝ ආරම්භයක් හෝ නොමැති බව යථොක්ත සුළු විස්තරයෙන් වුව බුද්ධිමතුන්ට වැටහෙනු ඇත.
ලෝකය විනාශ වන්නේ ගින්න, ජලය හා වාතය විසින් බව බුදුදහම උගන්වයි. ආපෝ හා තේජෝ ධාතුවේ සක්‍රීය බව අතිශය ඉහළ ගිය විට මහා ගිනිගැනීම් ඇතිවෙයි. ලැව්ගිනි ගත් කල, එය නිර්මාණය කරන ලද්දෙක් නැත. නමුත් පඨවි ධාතුවට අයත් වන විශාල වෘක්ෂ දෙකක් එකිනෙක මත ස්පර්ශ වීමෙන් ඇතිවන තේජෝ ධාතුව නිසා ගින්න උපදී. එසේ ඇති වූ ගින්න, වායෝ ධාතුව විසින් පතුරුවා හරී. ලෝකය අවසන් වන්නේ ද, එසේ ය. ආපෝ ධාතුව උපරිමයෙන් ක්‍රියාත්මක වූ විට ගිනි ඇතිවන්නා සේ ම, ආපෝ ධාතුව උපරිම ක්‍රියාකාරීත්වයට ළගා වූ විට, ජල ගැලීම් ආදිය ඇති වෙයි. එවිට ආපෝ ධාතුවට අමතරව, පඨවි ධාතුව ද සක්‍රීය වෙයි. නාය යාම් ඇතිවන්නේ ආපෝ ධාතුව බලවත් වී, පඨවි ධාතුව දුර්වල වී යාමෙනි. වායෝ ධාතුව ද එසේ ම ය. උපරිම ක්‍රියාකාරීත්වයට පැමිණෙන වායෝ ධාතුව විසින් සුළං ඇති කරයි. එය ආපෝ ධාතුවට බලපෑමෙන් සුළග සමගින් වර්ෂා උපදී. වර්ෂාව නම් ආපෝ ධාතුව, පස නම් පඨවි ධාතුව සමග එක් ව, නායයාම් ආදි විපත් ඇති කරයි. 
ලෝකය විනාශ වන්නේ එක් අතකින් සතර මහා භූතයින්ගේ උපරිම ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් වශයෙනි. එමෙන් ම ඒවා අතර ඇති ප්‍රබල සංයෝගය බිඳී යාමේ ඵලයක් ලෙසිනි. මෙසේ විනාශ වන ලෝක ධාතුව නොමැති වූ පමණින් යථොක්ත ශක්තීන් අතුරුදන් වන්නේ නැත. ලෝකය විනාශ වී යාමෙන් පසු ඉතිරි වන රික්තකය තුළ වුව එම ශක්තීන් විවිධ වෙසින් සිටිනු ඇත. පසුව යළිත් ඒවා ක්‍රියාත්මක වීම ආරම්භ වෙයි. එවිට පඨවි ධාතුව නැවත නිර්මාණය වෙයි. මැවීමක් සිදුවන්නේ නැත. එම සාධක, නැතහොත් පදාර්ථ සතර යළි ක්‍රියාත්මක වන විට පඨවි ධාතුව නිර්මාණය වෙයි. අපෝ ධාතුව නිර්මාණය වෙයි. තේජෝ ධාතුව නිර්මාණය වෙයි. වායෝ ධාතුව නිර්මාණය වෙයි. 
අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවේ දී බුදුරජාණන් වහන්සේ විසින් දක්වන පරිදි මෙසේ ලෝකය බිහිවන අතරවාරයේ දී ආභස්සර නමින් යුක්ත පිරිසක් ඒ ආසන්නයේ හිඳී. මහපොළොව විනාශ වීමට පෙර එහි සිටි සත්වයින් සියල්ල විනාශ වී ගියත්, ඔවුහු මහපොළොවේ විනාශයෙන් පසු ඉතිරි ව ඇති රික්තකයට ගැලපෙන පරිදි අනුවර්තනය වී සිටිති. අනුවර්තනය පිළිබඳව ඩාවින්වාදයේ පවා සාකච්චා වී තිබේ. නමුත් ඩාවින් උපදින්නට බොහෝ කාලයකට පෙර බුදුරජාණන් වහන්සේ අනුවර්තනය යන්න හඳුනාගෙන තිබේ. සතර මහා භූතයින් වියෝජනය වීමෙන් පසු ඇති වන රික්තක පරිසරයට උචිත පරිද්දෙන් සකස් වූ ආභස්සර ජීවින්ගේ ශරීර ආලෝකමත් ය. ප්‍රභාස්වර ය. මනෝමය වූ ශරීර සහිත ව (මනෝකායා), ආලෝක විහිදුවන සිරුරින් (සයං පභා), ප්‍රීතිය ආහාරය කරගනිමින් (පීති භක්ඛා) ඔවුහු අන්තරීක්ෂයේ (අන්තලික්ඛචාරා / අවකාශයේ) සැරිසරන බව මෙම දේශනාවේ දැක්වේ. එය පවතින පරිසරය තුළ ජීවින්ගේ උචිතෝන්නතිය යි. නමුත් මේ කිසිවක් කෙටි කාලයක් තුළ සිදුවන්නේ නැති බව ද බුදුරජාණන් වහන්සේ විසින් අවධාරණය කර තිබේ. 
එම ජීවින් ඉපදීම සහ මරණය අතර දෝලනය වෙති. ඔවුන්ට ද පඨවි ධාතුවක් පවතී. ආපෝ ධාතුවක් පවතී. තේජෝ ධාතුවක් පවතී. වායෝ ධාතුවක් පවතී. මේ සතර මහා ධාතුන් විශ්වයේ ඕනෑම තැනකට පොදු ය. එය සොබාවධර්මයේ නීතියකි. කිසිදු මැවුම්වාදියෙකුට සතර මහා භූතයින් මැවීමේ හැකියාවක් නොමැත. නූතන විද්‍යාව විසින් පවා ඔප්පු කර තිබෙන්නේ ශක්තීන්වලට ආරම්භයක් අවසානයක් නොමැති බව ය. යථොක්ත සතර මහා භූතයින් නමැති ශක්තීන්, පදාර්ථ ආරම්භ වන්නේ ඒවා විසින් ම ඇතිකරගනු ලබන ක්‍රියාකාරකම් විසින් බව මේ අනුව පැහැදිලි විය යුතු ය. 
අග්ගඤ්ඤ සූත්‍රය අනුව ආභස්සර නමින් අන්තරීක්ෂයේ සැරිසරමින් සිටින ජීවින් එසේ සිටින අතරවාරයේ දී යළිත් සතර මහා භූතයින්ගේ එකතු වීමෙන් මහපොළව නිර්මාණය වීම ක්‍රමයෙන් ආරම්භ වෙයි. මෙසේ නිර්මාණය වන මහපොළොව මුලින් ම මෙළෙක් තත්වයෙන් යුක්ත ය. ආභස්සර ජීවින් මේ මහ පොළව මත ඉපදීම ද මේ අතර ක්‍රමික ව සිදුවේ. එවිට සතර මහාභූතයින්ගේ ක්‍රියාකාරීත්වය තව තවත් වැඩි වෙයි. ආභස්සර ජීවින් ආහාරවලට හුරු වෙයි. ක්‍රමිකව ඔවුන් මනුෂ්‍ය ස්වරූපයට පත්වෙයි. සත්ව ස්වරූපවලට පත්වෙයි. කර්මානුකූලව ආරම්භ වන චක්‍රය මෙසේ ගමන් ගනී. මහපොළොව මෘදු තත්වයෙන් පැවතුණා ය යන්න නූතන මිනිසාගේ හාස්‍යයට ලක්වන්නට ඇති හැකියාව වැඩි ය. නමුත් නූතන විද්‍යාඥයින් විසින් හඳුනාගෙන ඇති ආකාරයට මහපොළව අභ්‍යන්තරය තාමත් අතිශය මෘදු තත්වයේ පවතී. පෘථිවියේ බාහිර හරය වූ කලි තාමත් මෘදු තත්වයේ පවතින බව විද්‍යාඥයින්ගේ නිගමනය යි. අග්ගඤ්ඤ සූත්‍ර ධර්මයේ දැක්වෙන ආකාරයට මුළු පොළොව  මතුපිට ම මෘදු තත්වයේ තිබී පසුව ක්‍රමයෙන් ඝනීභවනය වී තිබේ. විද්‍යාඥයින්ගේ නිගමනය ද එය ය. උදාහරණයක් වශයෙන් දක්වන්නේ නම්, අග්ගලා ගුලියක් වැනි ය. පිසින ලද විගස එය අතිශය මෘදු ය. එහෙත් කල් යත් ම එහි මතුපිට ඝන වන්නට පටන් ගනී. තවත් වේලාවකින් අභ්‍යන්තරය ද ඝන වෙයි. පෘථිවිය ද එසේ ය. ක්‍රමයෙන් අභ්‍යන්තරය දක්වා ඝනීභවනය වෙමින් තිබේ. මුළු පෘථිවි ධාතුව ම මුළුමනින් ම ඝනීභවනය වූ දාට සතර මහා භූතයින්ගේ ක්‍රියාකාරීත්වයේ උච්චතම ස්ථානයට පැමිණේ. එවිට යළි සතර මහා භූතයින්ගේ ක්‍රියාකාරීත්වය වැඩි වී, වියෝජනය වෙයි. නැවත ආරම්භ වෙයි. මෙය අතිශය ගැඹුරු සංකීර්ණ ප්‍රස්තුතයක් සේ ම අතිශය බුද්ධිමත් ව තේරුම් ගත යුතු දර්ශනයකි. 
අන්‍යාගමික මිත්‍යාදෘෂ්ටිකයන් විසින් සියල්ල දෙවියන් විසින් කරන ලද්දේ යැයි යන අන්ධ විශ්වාසයේ ගැලී හේතුවක් ඵලයක් හෝ තර්කානුකූල බුද්ධිමය මෙහෙයවීමක් නොමැතිව සිටියදී ලෝකවිදූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් අප ලබන්නේ කවර නම් වූ සැනසීමක් ද? 
අග්ගඤ්ඤ සූතුය වූ කලි තවත් දීර්ඝතර ව මිනිස් සමාජය, පාලන තන්ත්‍රය, සමාජ සංස්ථා, කුසල් සහ අකුසල් ආදිය බිහිවීම ද හේතුඵල න්‍යාය ඔස්සේ විග්‍රහ කරන ලද දේශනාවකි. එය වූ කලි සත්‍ය වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ තරම පැහැදිලි කරන්නකි. T. W. Rhys Davids, Douglas M. Burns, C. N. Parkinson, B. G. Gokhale, John W. Spellman, R. Gard, U. N. Ghoshal යන බටහිර හා පෙරදිග විසූ ලෝ ප්‍රකට විද්වතුන් රැසක් විසින් ම අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවේ එන කරුණු වල ඇති විද්‍යාත්මක හා බුද්ධිමය පසුබිම විග්‍රහ කර තිබේ. සත්‍ය වශයෙන් ම බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ දහම පෘථග්ජන බුද්ධිමතුන් අතින් වර්ණනාවට ලක්වීම එතරම් ගණන් යුත්තක් නොවන මුත්, එම බොහෝ විද්වතුන් අන්‍යාගමිකයන් වීම ගැන බෞද්ධ අප විශේෂයෙන් සතුටු විය යුතු ය. 
“සුඛො බුද්ධො උප්පාදො
සුඛො සද්ධම්ම දේසනා
සුඛො සංඝස්ස සාමග්ගි
සමග්ගානං සමො සුඛො”

සාධු... සාධු... සාධු...

සියලු දෙනාට ම තෙරුවන් සරණයි!!! 


genocide-click here



President Used Tirans Negotiations To His Advantage, I’m Still A Prisoner In Welikada – Fonseka

Fonseka

By Colombo Telegraph -November 26, 2012
Colombo TelegraphFormer Army Chief and Common candidate at the 2010 Presidential election, Sarath Fonseka hit out at the negotiators of his release today, saying that he was yet to see a single document pertaining to his release, six months after he was freed from Welikada Prison.
“I still don’t know the details of my release. All I was told was to bring my bag of belongings and come outside. They didn’t tell me anything else. I think that in some ways I am still a prisoner in Welikada. The only difference is that I am outside those walls. Other than that I have not seen a single letter. In fact, when I was leaving Welikada Prison, I didn’t even sign a book saying I was leaving to go home,” the former General told the Sinhalese  Lankadeepa in an interview yesterday.
He told the newspaper that he had instructed DNA MP Tiran Alles to negotiate on the basis of four key points pertaining to his release – that he would be given full security afforded to him before his incarceration, that his civic rights would be restored, that everything he lost as a result of his incarceration would be reinstated and that he would be allowed to carry out his political activities without hindrance.
Striking out at the negotiator of his release who recently quit the General’s political movement, Fonseka said – “perhaps Tiran Alles  negotiated the best he could. But all I am saying is that I didn’t get the result I expected from these negotiations.”
Alles and DNA MP Arjuna Ranatunga recently quit the former General’s political movement, an unregistered political party called the Democratic Party. However, both Alles and Ranatunga remain members of the Democratic National Alliance, the opposition coalition forged under Fonseka’s leadership that includes the JVP and won seven seats in the 2010 parliamentary election. Alles is a National List MP of the alliance, appointed by Fonseka.
Referring to Alles and Ranatunga’s role in his release, Fonseka charged that Ranatunga had played no part in the negotiations for his release. He also said that while none of his conditions had been met, the President had made political mileage with his release. “The President used it to his advantage. He made it an opportunity to release me because at the time there was massive international pressure calling for my release. The Maha Sanga, the religious leaders in this country they were all calling for my release. The pressure from all these sections on the Government was intense. That is why they released me. So one person alone cannot claim the glory for that,” the former Army Chief said.
Fonseka added that neither Ranatunga nor Alles have a mandate from the people and only achieved their positions because of their proximity to him. “These are people who got a vote or two and then aspired to high ranking positions by being in my shadow. They became somebodies because they were close to me. People like that ultimately leave. There is nothing I can do about it. I didn’t go to them to become a somebody. The people of this country know that,” he told Lankadeepa.
Referring to Alles’ claim that he had forgotten to be grateful Fonseka said: “I didn’t go to jail for stealing or breaking into houses. I went to jail for carrying out a political campaign for my country and my people. I was imprisoned on false charges. Before that I fought to rid this country of terrorism. So even though I went to jail, the people of this country continued to be grateful. They grieved for me. They spoke for me. They cried for me. They held bodhi poojas for me. When I came out, none of them expected anything from me in return – and yet none of them say I am not grateful.”
Alles negotiated for months to get Fonseka out of prison but no details of the release were ever made public. The former Army Commander was released from Welikada on May 21, 2012.  Tiran Alles who has been a DNA MP representing Fonseka’s party for more than two years, was finally goaded into speaking after Opposition Leader Ranil Wickremesinghe took jibes at him during a parliamentary session recently. Reading a prepared speech, in his response, Alles charged that Wickremesinghe was not doing his job as leader of the opposition even though he was maintained at tax-payers expense. Wickremesinghe shot back in his reply that he was an elected member of parliament and had been for decades and added that he was even elected to the position of UNP Leader, unlike the national list DNA MP. The UNP Leader said that MPs were maintained by the people and could not get away with not speaking on the peoples’ behalf in the legislature.